වයඹ පුහුණු ආයතනය,වාරියපොල
வயம்ப பயிற்சி நிலையம்,வாரியபொல
Wayamba Training Institute,Wariyapola.
අපගේ දැක්ම
මානව සම්පත් සංවර්ධනයේ ප්‍රමුඛයා බවට පත් වීම
අපගේ මෙහෙවර
රාජ්‍ය.රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශවල ගුණාත්මක, කාර්යක්ෂම මානව සම්පත් සංවර්ධනයක් ඇති කිරීම හා ප්‍රශස්ථ මට්ටමින් පුහුණු පහසුකම් සපයන්නෙකු ලෙස ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමයි
අපගේ සේවාවන්
දේශකවරු සැපයීම / පුස්තකාල පහසුකම් සැපයීම
දේශණ සඳහා අවශ්‍ය විෂය ක්ෂේත්රයන්ට අදාළ විශේෂඥ වූ දේශකවරු සංචිතයක් අප හා සම්බන්ධ වී ඇති අතර එම දේශකවරුන් සැපයීම අප විසින් සිදු කරමු.
දේශන ශාලා පහසුකම් සැපයීම
වයඹ පළාත් සභාවේ නිලධාරීන්ටත්, රජයේ අනෙකුත් සියළුම ආයතනවල නිලධාරීන්ටත්, රාජ්‍ය නොවන අංශවල මහත්ම මහත්මීන්ටත් දේශන ශාලා පහසුකම් සැපයීමට අප බැඳී සිටිමු.
දේශන ශාලා පහසුකම් ගාස්තු
පුහුණුලාභීන් සඳහා පහසුකම් සැපයීම
අප ආයතනයේ පුහුණුව ලබන සියළුම පුහුණුලාභීන් සඳහා අව්ශ්ය,
ප්‍රවාහන පහසුකම්, ක්‍රීඩා පහසුකම්, භෝජනාගාර පහසුකම්, නවාතැන් පහසුකම්, ආදි සියළු පහසුකම් සපයමු.
අපගේ ප්‍රධාන කාර්යයන්
01.වයඹ පළාත් සංවර්ධන කටයුතු වෙනුවෙන් පළාත් සභා අරමුදල සඳහා මූල්‍යමය ශක්තියක් ලබාදීම
02.සඵලදායී සැලසුම් සහගත හා වෘත්තීයමය එළැඹුමක් සහිත පුහුණු අවස්ථා සහතික කිරීම
03.ජාතික පුහුණු තත්වයන්ට අනුව පුහුණු පාඨමාලා සංවර්ධනය කිරීම
04.අධ්‍යාපන ක්‍රියාවලියේ උන්නතිය උදෙසා නවීන තාක්ෂණය යොදා ගැනීම හා ක්‍රියාත්මක වීම
05.පුහුණුකරුවන්ගේ හැකියාවන් වර්ධනය සඳහා උර දීම
06.වෘත්තීය ආචාර ධර්ම සුරකිමින් දැනුම ගවේෂණය සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම
07.රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ සඳහා ප්‍රශස්ථ මට්ටමින් පුහුණු පහසුකම සැලසීම හා පුහුණු වැඩසටහන් සංව්ධානය කිරීම
08.පුහුණුලාභීන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය සඳහා පුස්තකාල සේවාව පවත්වාගෙන යාම
09.ආයතනය සතු සම්පත් හා වත්කම් මනා කළමනාකරණය සංවර්ධනය හා සංරක්ෂණය කරමින් පරිසර සමතුලිතතාවය රැකෙන පරිදි පුහුණු පහසුකම් පවත්වාගෙන යාම
10.කාර්ය මණ්ඩල සුභසාධනය
11.සමාජ සත්කාර්යන් ඉටු කිරීමට දායක වීම තුළින් ආයතනික මෙහෙවර පෙරටුගාමී කිරීම
C.T.M.වජිර හර්ෂන ජයසිරි
අධ්යක්ෂ, වයඹ පුහුණු ආයතනය
T.P. 0372267370
email wtiwariyapola@gmail.com
ඔබ අපව තෝරාගතයුත්තේ ඇයි?
වයඹ පළාතේ ප්‍රමුඛතම පුහුණු සේවා ලබන ආයතනය
රාජ්‍ය අංශයේ ප්‍රමුඛතම පුහුණු සේවා සපයනු ලබන මෙම ආයතනය වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පුහුණු) යටතේ සේවාවන් ලබා දෙනු ලබයි.
ඵලදායිතා සම්මාන තරඟාවලියේ 2018 වර්ෂයේ රාජ්‍ය අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වීම.
2018 වර්ෂයේ ජාතික ඵලදායිතා මහ ලේකම් කාර්යාලය මඟින් පැවැත්වු රාජ්‍ය ඵලදායිතා තරඟාවලියෙන් මුළු දිවයිනෙම ප්‍රථම ස්ථානය බවට පත්වීම.
නිසල පරිසරයක සුහදශීලි සේවය
පුහුණු සේවාලාබීන්ට මානසික සහනයක් සහිතව නිසල පරිසරයක තම පුහුණු සැසිය රිසි සේ භුක්ති විඳීම සඳහා අවශ්‍ය සේවාවන් අප විසින් සුහදශීලිව සපයමු.